Helthy Foods

නීරෝගී ජීවිතයක් සදහා සමබල ආහාර වේලක වැදගත්කම
සමබල ආහාර වේලක ප්ධාන වශයෙන් කාබෝහයිඩ්රේට්, ප්රෝටීන්, ලිපිඩ, විටමින්, ඛණිජ ලවණ හා ජලය අඩංගු විය යුතුය. මේවා අපේ ආහාරයට ධාන්ය, එළවළු, පළතුරු, කොළ වර්ග, කිරි, බිත්තර, මස් හා මාළු එක් කර ගැනීමෙන් සපුරා ගත හැක.අප ආහාරයට ගන්නා බත් ඇතුළු ධාන්ය වර්ග වල කෙදි හා තන්තු වැඩි ප්මාණයක් අඩංගු වේ. එමගින් අප ශරීරයේ සිනි හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරිමත් ආහාර මාර්ගය ආශ්රිත පිළිකා සෑදීමේ අවධානමද අඩු කර ගත හැකි වේ.
තවද අපගේ ආහාරයේ එළවළු, පළතුරු, පළා වර්ග වල විවිධ විටමින් හා ඛණිජ ලවණ අඩංගු වේ. එමෙන්ම ධාන්ය වර්ග, බිත්තර, කරවල, මස් මාළු වැනි දේ ආහාරයට එක් කර ගැනීමෙන් ප්රෝටීන් අවශ්යතාවය සපුරා ගත හැකි වේ. මේදය අඩංගු ආහාර හැකිතාක් භාවිතය අවම කළ යුතු වේ. යම් යම් මේද ප්තිඔක්සිකාරක ලෙස ක්රියා කර පිළිකා සහ නිදන්ගත රෝග සෑදීමේ අවධානමක් ඇති වේ. එබැවින් මේදය අඩංගු ආහාර අවම මට්ටමින් භාවිතා කිරිමට කටයුතු කළ යුතුය.
එලෙසම පිරිසිදු ජලය භාවිතයට පුරුදු විය යුතු අතර දිනකට පුද්ගලයෙකු ජලය ලීටර 1.5 – 2 පමන පානය කළ යුතුය.තවද ලුනු භාවිතය හැකිතාක් අඩු කළ යුතු අතර පුද්ගලයෙකුට නිර්දේශිත ලුනු ප්රමාණය ග්රෑම් 05 අඩු විය යුතුය.සීනි භාවිතය හැකිතාක් සීමා කළ යුතුය. සීනි භාවිතය වැඩි වීම හේතුවෙන් ශරීරයේ ශක්ති අතිරික්තයක් ඇති වී අධික බර හා ස්ථුලතාවයක් ඇති වේ. මෙමගින් දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා ඇති වීමේ අවධානමද ඇති වේ.තවද අප ගන්නා ආහාරයට තිරිගු පිටි හා ඒ ආශ්රිත ආහාර වර්ග භාවිතය හැකිතාක් අවම විය යුතුය. තිරිගු පිටි හා ඒ ආශ්රිත ආහාර වර්ග බහුලව ගැනීමෙන් ස්ථුලතාවය ඇති වේ. එමගින් දියවැඩියාව හා ආහාර මාර්ගය ආශ්රිත රෝග සෑදීමේ ප්වනතාවයක් ඇති වේ.

තවද ආහාරයට ගන්නා එළවළු, පළතුරු හා පළා වර්ග හැකිතාක් සෑම විටම ගෙවත්තෙන් ලබා ගැනීමට පුරුදු වන්න. එමගින් එළවළු, පළතුරු පළා වර්ග වලට බාහිරින් එකතුවිය හැකි (කෘෂි රසායන වර්ග හා රසායනික පොහොර වල) අහිතකර ද්ව්ය ශරීරගත වීම වළකා ගත හැක. එලෙසම නැවුම් එළවළු, පළතුරු හා කොළ වර්ග ස්වභාවිකව ලබා ගත හැකි ආහාර වර්ග වැඩිපුර භාවිතයට පුරුදු විය යුතුයි.තවද අප ආහාරයට ගන්නා කුළු බඩු හැකි සෑම විටම නිවසේදීම සකසා ගැනීමට පුරුදු වන්න. එමගින් ඔබටත් පවුලේ සාමාජිකයන්ටත් නිසි පෝෂණයක් ලබා ගත හැකි වේ. නිරතුරුවම අපගේ ආහාරයේ තන්තුමය ආහාර අඩංගු වීම තුලින් හා දේශීය පළතුරු හා කොළ වර්ග භාවිතයට වැඩි කිරිම තුලින් බොහෝ සෞඛ්ය ගැටළු විසදා ගත හැකි වේ.
තවද ශාරීරික ක්රියාකාරකම් වල යෙදීමද යහපත් මානසික තත්වයක සිටිමද නීරෝගි දිවියකට අත්යවශ්ය සාධකයකි.
මිනිසුන් නිරෝගීව සිටීම සදහා නිසි පෝෂණයක් ලබා ගත යුතුය. විවිධ පෝෂණ ඌණතා හේතුවෙන් මිනිසුන් දුර්වල වී එදිනෙදා කටයුතු සිදු කිරීම අපහසුවීමත් කළ හැකි කාර්යයන් ප්මාණය අඩු වීමත් සිදු විය හැකිය.
තවද පෝෂණ ඌණතා වලට ලක් වන පුද්ගලයන් විවිධ රෝගාබාධ වලට නිරතුරුවම ලක්වීමක් දැකිය හැකිය. තවද මෙලෙස පෝෂණ ඌණතා වලට ලක් වන පුද්ගලයන්ගේ මානසික හා අධ්යාත්මික සෞඛ්ය තත්වයන් යහපත්ව පවත්වා ගත නොහැකි වේ.
පෝෂණ ඌණතා පවතින ගර්භණී මව්වරුන්ට ලැබෙන දරුවන්ගේ ප්තිශක්තිකරණ තත්වයන් අඩු වීමෙන් එම දරුවන් විවිධ රෝගාබාධ වලට ලක් වීමේ ප්වනතාවයද වැඩි වේ. තවද මෙවැනි දරුවන්ගේ කායික හා මානසික දුබලතාවයට ලක්වීමද දැකිය හැකි වේ. එබැවින් නීරෝගීව ජීවත්වීම සදහා නිසි පෝෂණය ලබා ගැනීම ඉතා වැදගත් වේ. 

pcos ?

ජීවන රටාව, ආහාර රටාව හෝ ජානමය හේතු හේතු කොටගෙන කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ආශ්රිතව මෙම ගෙඩි සමූහ හට ගනී.

මේ හේතුව නිසා බිම්බකෝෂ ආශ්රිතව සිදුවන ප්රධානම කර්තව්ය වන ඩිම්බ මේරීමේ ක්රියාවලිය අඩපණ වේ.

මේ නිසා ඇතිවන හෝමෝන අසමතුලිතතාවය හේතු කොටගෙන නොමේරූ ඩිම්බ පිටවීම හෝ ඩිම්බ පිටවීමක් සිදු නොවීම නිසා, නිසියාකාරව ආර්ථවය සිදු නොවීම වැනි ගැටලුකාරී තත්ත්ව ඇති විය හැක.
මෙම අක්රමවත් ඔසප් චක්රය දින , සති වල සිට මාස තුන හතර දක්වා වුවත් අක්රමවත් විය හැක.
හෝමෝන අසමතුලිතතාවයේ තවත් ප්රතිඵලයක් ලෙස මෙහිදී කාන්තා හෝමොන අඩු වී පිරිමි හෝමෝන වන ටෙස්ටස්ටරෝන් වැනි හෝමෝන වැඩි අගයක් ගනී.
එහිදී ඊට අදාළ වන පිරිමි ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගැනෙනවා.

ඒ අතරින්;

1.මුහුණ පපු ප්රදේශය ශරීරය අත්පාවල අධික ලෙස රෝම වැවීම,

2.බෙල්ල ඉකිලි කිහිලි කලවා වැනි ප්රදේශවල තද කළු පැහැයක් ඇතිවීම,

3.පිරිමි පුද්ගලයන්ගේ මෙන් තට්ටේ පෑදීම තෙක් හිසකෙස් තුනී වී ගැලවී යාම,

4.සිරුරේ බර අසාමාන්ය ලෙස වැඩි වීම සහ උදරය ද ඉදිරියට නෙරා ඒම දැකිය හැක.


5.කුරුලෑ ඇතිවීම ද දැකිය හැක.

6.එමෙන්ම ඉන්සියලින් හෝමෝනයට දක්වන අඩු සංවේදීතාවය නිසා type 2 diabetic හෙවත් මධුමේහය ඇතිවීමේ අවදානමක් ඇත.

7.ඔසප් චක්රය ගැන කතා කළහොත් එහි ප්රමාද වීම සති ගනම් වල සිට මාස ගණන් දක්වා වර්ධනය විය හැක.

8. ප්රමාද වී හෝ ලැබෙන ඔසප් දිනයන්හිදී අධික වේදනාවක් අධික රුධිර වහනයක් දැකිය හැක.

9.මද සරු භාවයද ඇතිවන නිසා ගැබ් ගැනීම ප්රමාද වීම හෝ ගැබ් ගත්තත් එය ගබ්සා වීම සිදුවිය හැක.

මේ සියලුම කායික ගැටලු,

*සාංකාව
*ආතතිය
*විශාදය

වැනි අධික මානසික ගැටලු දක්වා මේ ගැටළුව වර්ධනය විය හැක.

සාර්ථක ආයුර්වේද ප්රතිකාර මගින් ශල්යකර්ම වලින් තොරව සාර්ථකව මෙම ගැටළු සුව කරගෙන නිරෝගී ජීවිතයක් ඔබටත් ලබා ගත හැක.

ස්වයංවින්දනය

බොහෝ දෙනා අසන දෙයක් තමයි,
ස්වයං වින්දනය කියන්නේ හොඳ දෙයක්ද? 
දිනකට කී වතාවක් කරන්න හොඳද? කියන එක…

(කියවල ඉවර වෙලා, වැදගත් වේවි කියල හිතෙන අයව ටැග් කරල, අලුත් දෙයක් දැනගත්තනම් ශෙයා කරන්නත් අමතක කරන්න එපා)

කාන්තා පිරිමි දෙපාර්ශවයම ස්වයං වින්දනයේ යෙදෙනවා. මෙය එක් එක් පුද්ගලයාට අතිශය පෞද්ගලික මානව අවශ්යතාවයක්. නමුත් එය අධික ලෙස සිදු කිරිම,නැතිනම් ඇබ්බැහි වීම ඒ තරම් හොඳ දෙයක් නොවේ.
පුරුෂ පාර්ශ්වය දින 3,4කින් පිටකිරීමක් නොකලොත්, ස්වප්න මෝචනයක් ලෙස හෝ නිපදවූ ශුක්රාණු පිට වීම ස්වභාවිකව සිදු වේ.
නමුත් දිනකට 2,3 වතාවකට වඩා වැඩි වාර ගණනක් පිට කිරීමෙන් ශරීරය ක්ෂය වී දුර්වල වී ශක්තිය හානි වේ.

ආයුර්වේද වෛද්ය විද්යාවට අනුව අප ගන්නා ආහාර ආමාශයික ජීර්ණ ක්රියාවලිය අවසානයේ සාර හා කිට්ට ලෙස කොටස් 2 කට බෙදේ.
කිට්ට භාගය මලපහ ලෙස පිට වන අතර සාර භාගය පිලිවෙලින් රස, රක්ත, මාංශ,මේද, අස්ථි, මජ්ජා, ශුක්ර ලෙස ශරීරය පෝෂණය සඳහා සප්ත ධාතූන් ලෙස බෙදී යයි.මෙයින් අවසාන ධාතුව ශුක්ර වන අතර එය ශරීරයේ සාරවත්ම කොටසයි. 

සරු පුද්ගලයෙකුගේ ශුක්රාණු පිරිසිදු ගිතෙල් මෙන් සුදු පැහැ වන අතර මධුර රසයෙන් යුත්ත බව ආයුර්වේද මතයයි. එවන් සාරවත් කොටස අප ශරීරයේ ගන්නා ආහාර ප්රමාණය අනුව නිපදවන ප්රමාණයට සාපේක්ෂව පිටවීම වැඩි වී, එය දිනපතා පුරුද්දක් ලෙස සිදු කල හොත් එම සාරවත් කොටසේ අඩුව පිරවීමට ඊට පෙර සෑදෙන රස,රක්ත,මාංශ, මේද, අස්ථි, මජ්ජා වලින් ක්ෂය වී ශුක්ර ගත වේ. එවිට එම පුද්ගලයින්ගේ බාහිර ස්වරූපය,
*ක්ෂීණ අවයව සහිත
*වැහැරුණු මාංශ, පේශි සහිත
*කෙසඟ සිරුරක් සහිත අය වේ.

ප්රායෝගිකව සමාජයේ මෙම කිසිම විශේෂ ලක්ෂණයක් නොපෙන්වා මේ සඳහා ඇබ්බැහි වූවන් ද ඇත. ඔවුන්ගේ ලක්ෂණ පිටට නොපෙන්වුවත් මදසරුබව , අවයවයේ අනිසි භාවිතය නිසා ස්නායු, මාංශපේෂි විඩාවට පත්වී එය ක්ෂීණ වීම, ලිංගික අප්රාණිකත්වය වැනි ජීවිතයටම ගැටළුකාරී වන තත්ව සහිතව ප්රතිකාර කරා පැමිණෙන අවස්ථා ද ඇත.

ඉතිං…. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ කියනවනෙ…